අහුංගල්ල පොලිස් වසමේ ගල්වෙහෙර ප්රදේශයේ නිවසක සිටි 74 හැවිරිදි පුද්ගලයෙකු ඉලක්ක කර අද (04) අලුයම වෙඩි ප්රහාරයක් එල්ල වී තිබේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහු ප්රතිකාර සඳහා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.
පොලිසිය සැක පළ කරන්නේ වෙඩි තැබීම සඳහා පිස්තෝලයක් භාවිත කර ඇති බවයි. නිවසේ ජනේලයක් හරහා ගිනි අවිය යොමු කර වෙඩි තැබීම සිදුකර ඇති බවට දැනට සිදුකරන විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද වාර්තා වේ.
වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අහුංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.













