පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත ශ්රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය සහභාගී වන තුන්කොන් එක්දින ක්රිකට් තරගාවලිය සඳහා ශ්රී ලංකා සංචිතය නම් කර තිබේ. ක්රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට හිමිව තිබේ.
වනිඳු හසරංග මෙම සංචිතයට ඇතුළත් කර නොමැති අතර, ආබාධයකට ලක්ව සිටින පැතුම් නිස්සංක සංචිතයට නම් කර තිබේ. කෙසේ වෙතත්, පැතුම්ගේ සහභාගීත්වය ශාරීරික යෝග්යතා පරීක්ෂණයකින් පසු තීරණය කිරීමට නියමිත බව වාර්තා වේ.
ශ්රී ලංකා සංචිතය: කුසල් මෙන්ඩිස් (නායක), පැතුම් නිස්සංක, අවිශ්ක ප්රනාන්දු, පවන් රත්නායක, කමිල් මිෂාර, කමිඳු මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, ජනිත් ලියනගේ, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, සචිඳු කොළඹගේ, දුෂ්මන්ත චමීර, එශාන් මාලිංග, අසිත ප්රනාන්දු සහ ඩිල්ෂාන් මධුශංක.
තුන්කොන් එක්දින තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා ආරම්භ වන අතර, අවසන් මහා තරගය ඔක්තෝබර් 31 වැනිදා ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතය.













