මාතලේ නගරයේ ප්රධාන පෙළේ පාසලක් ආසන්නයේ ගංජා මිශ්ර මදන මෝදක අලෙවි කළ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු මදන මෝදක කිලෝග්රෑම් 2යි ග්රෑම් 285ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
මාතලේ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන් අද (04) උදෑසන සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි. පළමු සැකකරු මාතලේ ප්රධාන වීදියේ වෙළෙඳසලකදී මදන මෝදක කිලෝග්රෑම් 1යි ග්රෑම් 145ක් සමඟත්, දෙවැනි සැකකරු ත්රිකුණාමලය වීදියේ වෙළෙඳසලකදී කිලෝග්රෑම් 1යි ග්රෑම් 140ක් සමඟත් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලිසිය පවසන්නේ ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම සිදුකළ බවයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මාතලේ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබේ. ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්රියාමාර්ග අධිකරණ ක්රියාවලිය අනුව සිදුකෙරෙනු ඇත.
















