නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1,056 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) අරලියගහ මන්දිර පරිශ්‍රයේදී පැවැත්වී තිබේ.
වසර එකහමාරක පුහුණුව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පත්වීම් ලැබූ මෙම නිලධාරිනියන් දිවයින පුරා පළාත් සභා සහ රේඛීය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් හා සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමට නියමිත බව සඳහන් වේ.
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සංරක්ෂණය ඇතුළු ප්‍රජා සෞඛ්‍ය සේවාවන්හි වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර, නවක නිලධාරිනියන් 1,056 දෙනෙකු සෞඛ්‍ය සේවයට එක්වීම එම සේවාව තවදුරටත් ශක්තිමත් කිරීමට දායක වනු ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
















