මත්තේගොඩ නිවාස සංකීර්ණයේ ඉදිකිරීමට යෝජිත අවමංගල්‍ය ශාලාවකට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පිරිසක් අද (04) මත්තේගොඩ නගර මධ්‍යයේදී නිහඬ විරෝධතාවක් පවත්වා තිබේ.
හෝමාගම ප්‍රාදේශීය සභාවේ පොදු අරමුදලෙන් රුපියල් කෝටි හතරකට ආසන්න මුදලක් වැය කර පර්චස් 80ක ඉඩමක මෙම අවමංගල්‍ය ශාලාව ඉදිකිරීමට යෝජනා කර ඇති බව විරෝධතාකරුවන් පවසයි. මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පදිංචිකරුවන්ට අවමංගල්‍ය ශාලාවක අවශ්‍යතාවක් තිබුණද, එය වෙනත් ස්ථානයක ඉදිකරන ලෙස ඔවුන් ඉල්ලා තිබේ.
මෙම ස්ථානය ආසන්නයේ නිවාස, පොදු නාන ළිඳක්, ක්‍රීඩාංගණයක් සහ ළමා හා මාතෘ සායන ගොඩනැගිල්ලක් පිහිටා ඇති බැවින් එම භූමිය සංවේදී ස්ථානයක් බව විරෝධතාකරුවන් පෙන්වා දී තිබේ. පසුව ඔවුන් අවමංගල්‍ය ශාලාව ඉදිකිරීමට යෝජිත භූමිය දක්වා පා ගමනින් ගොස් විරෝධතාව අවසන් කර ඇති බව වාර්තා වේ.
















