ඉරාන ඛනිජ තෙල් අමාත්‍ය මොහ්සෙන් පක්නෙජාඩ් මහතා හදිසියේ තම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති අතර, ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියාන් විසින් එම තීරණය පිළිගනිමින් එරට ඛනිජ තෙල් අමාත්‍යාංශයේ වැඩබලන ප්‍රධානියා ලෙස ජාතික ඉරාන තෙල් සමාගමේ (NIOC) ප්‍රධානී හමීඩ් බෝවාර්ඩ් මහතා පත් කර තිබේ. අඛණ්ඩව මතුවී ඇති බරපතල ආර්ථික අභියෝග සහ බලශක්ති ක්ෂේත්රය මුහුණපා ඇති දැඩි පීඩනයන් මධ්‍යයේ මෙම හදිසි වෙනස්වීම සිදුවීම ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇත.
ඇමරිකානු සම්බාධක හා කලාපීය යුධමය තත්ත්වයන් හමුවේ ඉරානයේ තෙල් අපනයන සහ රජයේ ආදායම් මාර්ග දැඩි අවදානමකට ලක්ව ඇති පසුබිමක් තුළ මෙම අමාත්‍ය මාරුව සිදුව තිබේ. ධුරයෙන් ඉවත් වීමට පෙර තෙල් අදායම් අඛණ්ඩව ලැබෙන බවට පක්නෙජාඩ් මහතා ප්‍රකාශ කළද, එරට බලශක්ති ක්ෂේත්රය තුළ පවතින අභ්‍යන්තර පීඩනය සහ අස්ථාවරත්වය මෙම ඉල්ලා අස්වීම හරහා මනාව කැපී පෙනේ.
නව වැඩබලන අමාත්‍යවරයා ලෙස පත්වූ හමීඩ් බෝවාර්ඩ් මහතාට ඉදිරියේදී දැඩි අමෙරිකානු අවහිරතා සහ අපනයන අර්බුද හමුවේ ඉරානයේ තෙල් වෙළඳපොළ ස්ථාවර කරගැනීමේ අභියෝගයට මුහුණ දීමට සිදුවනු ඇත. මෙම නායකත්ව වෙනස්වීම හරහා ඉරාන රජය සිය බලශක්ති ප්‍රතිපත්ති සහ තෙල් අපනයන යාන්ත්‍රණය යළිස්ථාපනය කිරීමට ක්‍රියාමාර්ග ගනු ඇති බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ අපේක්ෂා කරති.













