ලෝක ජනාවාස දිනයට සමගාමීව රජයේ ආධාර යටතේ දිවයින පුරා ඉදිකර අවසන් කළ නිවාස 5,000ක් අද (5) ජනතා අයිතියට පත් කිරීමට කටයුතු යොදා තිබේ. මෙම වැඩසටහන සෑම ග්‍රාම නිලධාරී වසමකම අවම වශයෙන් එක් නිවසක් හෝ ජනතා අයිතියට පත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ මහතා සඳහන් කර තිබේ.
මෙම නිවාස අතර ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හරහා රුපියල් ලක්ෂ 10ක රජයේ ආධාර සහ ප්‍රජා දායකත්වයෙන් ඉදිකළ නිවාසද ඇතුළත් වේ. උතුරු හා නැගෙනහිර පළාත්වල යුද්ධයෙන් අවතැන් වූ පවුල් සඳහා නැවත පදිංචි කිරීමේ වැඩසටහන් යටතේ රුපියල් ලක්ෂ 20ක ආධාරයෙන් ඉදිකළ නිවාසද අද ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.
ලෝක ජනාවාස දිනය වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර, දිවයින පුරා ජනාවාස සතියට සමගාමීව තවත් නිවාස හා ජල ව්‍යාපෘති වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද සැලසුම් කර තිබේ.














