රක්ෂිත බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වන විට අභියාචනාධිකරණයට රැගෙනවිත් තිබේ.
අභියාචනාධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුවකට අනුව ඔක්තෝබර් 3 වැනිදා ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන තිබූ අතර, අනතුරුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔක්තෝබර් 5 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි.
ඒ අනුව අද (5) ඥානසාර හිමියන් අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සඳහා රැගෙනවිත් ඇති අතර, ඉදිරි අධිකරණ නියෝග අනුව නඩු කටයුතු සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය වනු ඇත.














