ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම 2026 අගෝස්තු මාසයේදී පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව 7.4%කින් පමණ පහළ ගොස් තිබේ. දත්ත අනුව 2025 අගෝස්තු මාසයේ ඇමෙරිකානු ඩොලර් මිලියන 469.6ක් වූ ඇඟලුම් අපනයන ආදායම 2026 අගෝස්තු මාසයේදී ඩොලර් මිලියන 434.8ක් දක්වා අඩුවී ඇත.
මේ අතර 2026 ජනවාරි සිට අගෝස්තු දක්වා ඇඟලුම් අපනයන ආදායම ඩොලර් මිලියන 3,108.3ක් ලෙස සටහන් වී ඇති අතර, 2025 වසරේ එම කාලයේදී එය ඩොලර් මිලියන 3,318.1ක් විය. ඒ අනුව වසරේ මුල් මාස අට තුළ ඇඟලුම් අපනයන ආදායම 6.3%කින් පමණ පහළ ගොස් තිබේ.
එමෙන්ම රෙදිපිළි හා ඇඟලුම් අපනයන සමස්තයද 2026 අගෝස්තු මාසයේදී 8.4%කින් සහ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ 6.7%කින් පහළ ගොස් තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව අගෝස්තු මාසයේ සමස්ත වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායමද වාර්ෂික පදනම මත 3.3%කින් අඩුවී ඇත.














