මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ඊයේ පස්වරුවේ ගිගුරුම් සහිත අධික වැසි ඇතිවීමත් සමඟ බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම්වල පිහිටි වතු නිවාස රැසක් ජලයෙන් යටවී තිබේ.
පවතින අධික වර්ෂාව හේතුවෙන් එම ප්‍රදේශයේ රථවාහන ගමනාගමනයටද බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. ඒ අනුව හැටන්–නුවරඑළිය සහ හැටන්–කොළඹ ප්‍රධාන මාර්ගවල රිය ධාවනය කිරීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා තිබේ.
මේ අතර, පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ නායයෑම් අවදානම සම්බන්ධයෙන්ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. එබැවින් කඳුකර මාර්ග භාවිත කරන රියදුරන් සහ මගීන් අවධානයෙන් කටයුතු කරන ලෙස බලධාරීන් දැනුම් දෙයි.














