අතුරුගිරිය මිලේනියම් සිටි ප්‍රදේශයේ මෙට්‍රෝ බස් රථගාලක් සඳහා භාවිත කරන ඉඩම ජනතා අයිතියට පවරන ලෙස ඉල්ලමින් ඊයේ (4) පෙරවරුවේ මිලේනියම් සිටි වටරවුම අසලදී උද්ඝෝෂණයක් පැවැත්වූ බව වාර්තා වේ.
උද්ඝෝෂකයන් ඉල්ලා ඇත්තේ අදාළ ඉඩම සම්බන්ධයෙන් පවතින ආරවුල පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ ජනාධිපති කොමිසමක් පත් කරන ලෙසත්, එම භූමිය මෙට්‍රෝ බස් රථ සඳහා වෙන් කරන ලෙසත්ය. ඔවුන් පවසන්නේ අදාළ ඉඩම පෞද්ගලික පාර්ශ්වයකට අයත් බව කියන අතර, එය නීතිවිරෝධීව අත්පත් කරගෙන ඇති බවට චෝදනා පවතින බවයි.
මේ අතර මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ පාලනාධිකාරිය අදාළ ඉඩම මෙට්‍රෝ බස් රථගාලක් සඳහා භාවිත කිරීම සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. එම පැමිණිල්ලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් පොලිසියට කැඳවා ඇති බවද වාර්තා වේ. කෙසේ වෙතත්, ඉඩම සම්බන්ධ නීතිමය හිමිකම පිළිබඳ අවසන් තීරණයක් මෙතෙක් ප්‍රකාශයට පත් වී නොමැත.














