ප්‍රංශය පුරා පැතිර යමින් පවතින සිසු විරෝධතා හේතුවෙන් අද (5) උසස් පාසල් 400ත් 500ත් අතර සංඛ්‍යාවක පන්ති සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් අත්හිටුවීමට සිදුවිය හැකි බව ප්‍රංශ අධ්‍යාපන අමාත්‍ය Édouard Geffray පවසයි. ආරක්ෂක තත්ත්වයන් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදුවන බව ඔහු සඳහන් කර තිබේ.
සැප්තැම්බර් 17දා පැරිස් ආශ්රිත ප්‍රදේශයකින් ආරම්භ වූ මෙම විරෝධතා මේ වන විට ප්‍රංශයේ නගර රැසකට ව්‍යාප්ත වී තිබේ. ගුරු හිඟය, පන්ති කාමරවල අධික තදබදය, පාසල් ගොඩනැගිලිවල තත්ත්වය සහ අධ්‍යාපන පද්ධතියේ පවතින ගැටලු ඇතුළු කරුණු සම්බන්ධයෙන් සිසුන් විරෝධය පළ කරති.
විරෝධතා හේතුවෙන් බලපෑමට ලක්වූ අධ්‍යාපන ආයතන සංඛ්‍යාව 735ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 24කට ගිනි තැබීම් හෝ බරපතළ දේපළ හානි සිදුව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි. මේ අතර අධ්‍යාපන අමාත්‍යවරයා පවසන්නේ විරෝධතා අතරට අන්ත වාමාංශික ක්‍රියාකාරීන් මැදිහත්ව ඇති බවට තමන් විශ්වාස කරන බවයි. එම ප්‍රකාශය ඔහුගේ චෝදනාවක් ලෙස පමණක් සැලකිය යුතුය.














