ලෝක ජනාවාස දිනය 2026 සැමරුමට සමගාමීව මාතර දිස්ත්‍රික්කයේ නිවාස 175ක් ජනතා අයිතියට පත් කිරීමට පියවර ගන්නා බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතර දිස්ත්‍රික් කළමනාකාරිනී ශ්‍රීයානි මල්ලිකා මහත්මිය පැවසුවාය.
2026 ලෝක ජනාවාස දිනය ඔක්තෝබර් 5 වැනිදාට යෙදී ඇති අතර, මෙවර එහි තේමාව ලෙස “Adequate Housing for All” යන්න ප්‍රකාශයට පත් කර තිබේ. ශ්‍රී ලංකාව තුළද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඇතුළු රාජ්‍ය ආයතන මගින් ඒ වෙනුවෙන් වැඩසටහන් සංවිධානය කර තිබේ.
මාතර දිස්ත්‍රික්කයේ නිවාස 175 ජනතා අයිතියට පත් කිරීම එම වැඩසටහන් මාලාවට සමගාමීව ක්‍රියාත්මක කිරීමට නියමිත බව දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.














