ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල් නොමැති බවටත්, තවත් පිරවුම්හල්වල ඔක්ටේන් 95 පෙට්‍රල් පමණක් පවතින බවටත් තොරතුරු වාර්තා වී තිබේ. කෙසේ වෙතත්, මේ වන විට රටපුරා පෙට්‍රල් හිඟයක් පවතින බවට නිල තහවුරු කිරීමක් නොමැත.
පෞද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම්වලට පවතින මිල හා පිරිවැය අතර වෙනස හේතුවෙන් පාඩු සිදුවන බවත්, එම තත්ත්වය මත ඇතැම් අවස්ථාවල ඉන්ධන සැපයීම සීමා වී ඇති බවත් මීට පෙර වාර්තා වී තිබේ. එහෙත් එවැනි සැපයුම් සීමා වීමක් රටේ සමස්ත ඉන්ධන තොග අවසන් වී ඇති බවක් අදහස් නොකරයි.
මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවත්, සිපෙට්කෝ පිරවුම්හල්වලින් අඛණ්ඩව ඉන්ධන සැපයීමට කටයුතු කරන බවත් සංස්ථා සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා මීට පෙර ප්‍රකාශ කර තිබේ.














