අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේදී මතුව ඇති ගැටලු විසඳීම සඳහා ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථා සංග්‍රහය සංශෝධනය කිරීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් ගුරු හා විදුහල්පති සංගම් නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය මෙන්ම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඔක්තෝබර් 2 වැනිදා ඉසුරුපායේදී පැවැත්වී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ මාර්ගෝපදේශ සැලකිල්ලට ගනිමින් අදාළ සංශෝධන පිළිබඳව එහිදී සාකච්ඡා කර ඇති බව සඳහන් වේ.
අදාළ ව්‍යවස්ථා සංග්‍රහය සංශෝධනය කිරීමෙන් අනතුරුව අධ්‍යාපනවේදී උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කළ හැකි බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කර ඇති බව වාර්තා වේ. ගුරු පුහුණුව, විද්‍යාපීඨ සංවර්ධනය සහ ගුරු හා විදුහල්පති ඇතුළු සේවාවන්හි වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා අධ්‍යාපන වෘත්තික සභාවක් පිහිටුවීම සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු සාකච්ඡා කර තිබේ.














