අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු වී පනවා තිබූ සිරදඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (5) බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබේ.
අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර නිලධාරීන් විසින් අද අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි. මීට පෙර ඔක්තෝබර් 4 වැනිදා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝබර් 5 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.
2018දී ඥානසාර හිමියන්ට වසර 6ක සිරදඬුවමක් නියම වූ අතර, 2019දී ලබාදුන් ජනාධිපති සමාව 2026 සැප්තැම්බර් 10 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බලරහිත කිරීමෙන් අනතුරුව එම දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීම සඳහා නීතිමය පියවර ගෙන තිබේ.














