හැටන් සිට බගවන්තලාව දක්වා ධාවනය වූ ලංගම බස් රථයක ජනේලයෙන් ඉවතට විසි කළ පොලිතින් මල්ලක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි තවත් ලංගම බස් රථයක ඉදිරිපස ප්‍රධාන වීදුරුවේ වැදී අලාභහානි සිදු කිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.
නෝර්වුඩ් ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව ඇති අතර, බස් රථයේ ගමන් ගත් මගියෙකු විසින් සිය දරුවාගේ වමනය පොලිතින් මල්ලකට දමා ජනේලයෙන් පිටතට විසි කිරීමේදී එය අනෙක් බස් රථයේ වීදුරුවේ වැදී ඇත. රියදුරන් දෙදෙනා විසින් අදාළ මගියාව නෝර්වුඩ් පොලිසිය වෙත රැගෙන යාමට උත්සාහ කිරීමේදී, ඔහු තම වරද පිළිගෙන හැටන් ලංගම ඩිපෝව වෙත පැමිණ වීදුරුවට සිදු වූ අලාභය වෙනුවෙන් රුපියල් 18,000ක මුදල ගෙවා සිද්ධිය සමතයකට පත් කරගත් බව හැටන් ලංගම ඩිපෝවේ කළමනාකාර පාලිත වීරසූරිය මහතා ප්‍රකාශ කළේය.













