මොරගොඩ වනජීවී නිලධාරීන් විසින් වන්නම්කූලම ප්රදේශයේ සිදු කරන ලද මුර සංචාරයකදී, වන සංරක්ෂිත ප්රදේශ ආසන්නයේ පිහිටි පැලක් පරීක්ෂා කිරීමේදී බලපත්ර රහිත නීතිවිරෝධී බඳින තුවක්කු 4ක් තම සන්තකයේ තබාගත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු සහ අදාළ නඩු භාණ්ඩ ඉදිරි දිනකදී කහටගස්දිගිලිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වනජීවී නිලධාරීහු සඳහන් කරති.














