මේ වන විට නඩු විභාග කිරීමේ කටයුතු වේගවත් වී ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. උත්සවයක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ නීතිය ක්‍රියාත්මක කිරීම අධිකරණය මඟින් සිදුකරන අතර, ඊට අවශ්‍ය පහසුකම් සැපයීම පමණක් රජය මඟින් සිදුකරන බවයි.
නීතිය ක්‍රියාත්මක වන විට, කෙඳිරිගෑමෙන් හෝ තැන් තැන්වල සම්මන්ත්රණ සහ රැස්වීම් පැවැත්වීමෙන් කිසිදු තේරුමක් නොමැති බවද අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය. තීන්දු ලබාදෙන්නේ අධිකරණය මඟින් බවත්, නීතිපති දෙපාර්තමේන්තුව කරුණු ගොනු කිරීම සිදුකරන අතර, පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන විසින් විමර්ශන සිදුකරන බවත් පැවසූ අමාත්‍යවරයා, කිසිවෙකුට හෝ ගැටලුවක් ඇත්නම් අධිකරණය හමුවේ ඒවා ප්‍රශ්න කළ හැකි බව වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.














