සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් නිදහස් කරගැනීම වෙනුවෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ගොනු කිරීමේ කටයුතු පිළිබඳ සොයා බැලීමට ශ්‍රී ලාංකික නියෝජිත පිරිසක් හෙට (06) සෞදි අරාබිය බලා පිටත්ව යාමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා, උපුල් කුමාරප්පෙරුම සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු ඇතුළු පස්දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙම සංචාරයට එක්ව සිටියි. ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පළකළ සටහනකින් ආගමික අපහාසයක් සිදුකළ බවට චෝදනා එල්ල වීම හේතුවෙන් සෞදි අරාබි අභියාචනාධිකරණය විසින් ඔහුට මරණ දඬුවම නියම කර තිබූ අතර, ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනයක් ඉදිරිපත් කිරීම සඳහා එරට නීතිඥවරුන් සමඟ සාකච්ඡා කර අවශ්‍ය නීතිමය කටයුතු සැලසුම් කිරීමට නියෝජිත පිරිස අපේක්ෂා කරයි.














