ලෝක ළමා දිනය නිමිත්තෙන් දරුවන් නව මානයක් කරා රැගෙන යෑමේ අරමුණින් නව තාක්ෂණය හඳුන්වා දීමේ විශේෂ වැඩසටහනක් මොරටුව, කටුබැද්ද නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේදී පසුගියදා (01) පවත්වන ලදී.
ආතර් සී. ක්ලාක් මහතාට කරන උපහාරයක් ලෙසත්, අනාගතයේ ඔහු මඟ යන දරුවකු මෙරට බිහි කිරීමේ මූලික අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි. එහිදී ගුවන්යානා තාක්ෂණය, ඩ්‍රෝන තාක්ෂණය, නැනෝ චන්ද්‍රිකා නිර්මාණය සහ ඉලෙක්ට්‍රොනික උපාංග නිර්මාණය ආදී නව තාක්ෂණය පිළිබඳ පුහුණුවක් දරුවන්ට ලබා දී ඇති අතර, ශ්‍රී ලංකාවේ විශාලතම දුරේක්ෂය ඇතුළු අනෙකුත් දුරේක්ෂ ආධාරයෙන් සූර්ය ලප සහ සූර්ය ගිනිදැල් නිරීක්ෂණය කිරීමට මෙන්ම ආතර් සී. ක්ලාක් මහතාගේ කෞතුකාගාරය නැරඹීමේ අවස්ථාවද සිසුන්ට හිමිවිය.
“Who knows The next Arthur C Clarke would be you?” (කවුද දන්නේ මීළඟ ආතර් සී. ක්ලාක් ඔබ ද කියලා?) තේමාව යටතේ පැවැති මෙම වැඩසටහන අවසානයේදී සහභාගී වූ සියලු පාසල් දරුවන් වෙත මල්ටි මීටරයක් සහ කුඩා ඉලෙක්ට්‍රොනික පරිපථයක් නිර්මාණය කරගත හැකි උපාංග කට්ටලයක්ද පරිත්‍යාග කර තිබේ.














