වත්මන් ආණ්ඩුව බලයට පැමිණියේ මහා පරිමාණ සොරකම් අල්ලන බවට ප්‍රකාශ කරමින් වුව ද, අද එවැන්නක් සිදු නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.
මහින්දානන්ද අලුත්ගමගේ සිරගත කර ඇත්තේ කැරම් බෝඩ් බෙදාදීමේ සිද්ධියකට බවත්, එස්.එම්. චන්ද්‍රසේනගේ බිරිඳ සහ සහෝදරයා සිරගත කර ඇත්තේ නිල රථයට අනුමත ප්‍රමාණයට වඩා ඉන්ධන ලබා ගැනීමේ සිද්ධියකට බවත් පෙන්වා දුන් හිටපු මන්ත්‍රීවරයා, ජනතාවගේ මුදල් සොරකම් කළ සැබෑ වැරදිකරුවන් ඇල්ලීමක් මෙතෙක් සිදුවී නැති බව ජන හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.
වත්මන් ආණ්ඩුව විපක්ෂයේ සිටි කාලයේ මහින්ද රාජපක්ෂගේ සහ නාමල් රාජපක්ෂගේ සොරකම් පිළිබඳ ගොනු පෙන්වමින් ප්‍රකාශ කළ ද, අද රජයට ඡන්දය දුන් ජනතාව විසින් ‘සොරුන් ඇල්ලුවාදැයි’ ප්‍රශ්න කරන බව ඔහු සඳහන් කළේය. එම ප්‍රශ්නවලට මුහුණදීමට නොහැකි වූ තැන, ජනාධිපති අනුර කුමාර දිසානායකට ප්‍රධාන අභියෝගයක් වූ නාමල් රාජපක්ෂ මහතා ඉලක්ක කර සිරගත කිරීමට රජය කටයුතු කර ඇති බවයි සාගර කාරියවසම් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
අපගේ සියලුම සමාජ මාධ්‍ය නාලිකා Follow කර, YouTube සහ WhatsApp Channel වෙත Subscribe වන්න.
TTVNews.lk— සිදුවූ සැණින්, ඔබ වෙත.














