කතානායක ආචාර්ය ජගත් වික්රමරත්න මහතාට එරෙහිව චෝදනා 49ක් ඇතුළත් විශ්වාසභංග යෝජනාවක් එළඹෙන සිකුරාදා (9) දින භාරදීමට නියමිත බව සමගි ජන බලවේගයේ (SJB) හිටපු පාර්ලිමේන්තු මන්ත්රී අජිත් පී. පෙරේරා මහතා පවසයි.
ෆේස්බුක් සටනක් තබමින් ඔහු මේ බව සඳහන් කර ඇති අතර, කතානායකවරයාට එරෙහිව චෝදනා 49ක් පවතින බවත්, අදාළ විශ්වාසභංග යෝජනාව භාරදීම සිකුරාදා දින සිදුකෙරෙන බවත් ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.














