ඩුබායි නුවර සිට ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර බලා පියාසර කරමින් තිබියදී ෆ්ලයි ඩුබායි ගුවන් යානය පැහැර ගැනීමට සහයක නියමුවා ගත් උත්සාහය වැළැක්වීමේදී තුවාල ලැබූ ප්‍රධාන නියමු, ඉන්දීය ජාතික ස්මිට් මච්චාර්ගේ සුවදුක් විමසීමට ඩුබායි රාජ්‍යයේ ඔටුන්න හිමි හම්දාන් කුමරු රෝහලට ගොස් තිබේ.
මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රධාන නියමුවා දැක්වූ ඉහළම මට්ටමේ ධෛර්යය සහ කැපවීම මෙහිදී අගය කර ඇති ඩුබායි කුමරු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජු වෙනුවෙන් ඔහුට සිය කෘතඥතාව පළ කර ඇත. ගුවන් යානය පැහැර ගැනීමට තැත් කළ සහයක නියමුවා ත්‍රස්තවාදී ක්‍රියාවකට උත්සාහ දරා ඇති බව එරට පරීක්ෂණ වලින් තහවුරු වී ඇති අතර, මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ‘කලීජ් ටයිම්ස්’ පුවත් සේවය වාර්තා කරයි.














