ශ්‍රී ලංකාවේ ලෝක අංක 1 හෙල්ල විසිකිරීමේ (Javelin) ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ, ජර්මානු ඔලිම්පික් ශූර තෝමස් රෝලර් (Thomas Röhler) තමාගේ ක්‍රීඩා ආදර්ශය (role model) ලෙස නම් කර තිබේ.
මෑතකදී අයචි-නගෝයා හි පැවති 2026 ආසියානු ක්‍රීඩා උළෙලේදී මීටර් 88.33 ක දස්කමක් දක්වමින් පිරිමි හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනාගත් රුමේෂ් පතිරගේ, සමාජ මාධ්‍ය සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ “තෝමස් රෝලර් යනු හෙල්ල විසිකිරීමේදී මගේ ආදර්ශයයි” යනුවෙනි. 2016 රියෝ ඔලිම්පික් රන් පදක්කම දිනාගත් සහ පුද්ගලික දක්ෂතාව ලෙස මීටර් 93.90 ක දුරක් වාර්තා කර ඇති තෝමස් රෝලර් ජර්මනියේ බිහි වූ ප්‍රමුඛ පෙළේ හෙල්ල විසිකිරීමේ ක්‍රීඩකයෙකි.














