බෙනින් සිටි සිට ලාගෝස් දක්වා පියාසර කරමින් තිබූ නයිජීරියානු හමුදාවට අයත් ATR-42 වර්ගයේ ගුවන් යානයක් නිරිතදිග ඔන්ඩෝ ප්රාන්තයට කඩා වැටීමෙන් එහි ගමන් ගත් මගීන් 25 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
යානයේ සිටි කිසිවෙකුත් දිවි ගලවා නොමැති බව නයිජීරියානු ජනාධිපති බොලා ටිනුබු තහවුරු කර ඇති අතර, අනතුරට හේතුව සෙවීම සඳහා වහාම විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඔහු ගුවන් හමුදාවට උපදෙස් දී ඇත. මෑත කාලයේ නයිජීරියාවෙන් වාර්තා වූ දරුණුතම ගුවන් අනතුරක් ලෙස මෙය සැලකේ.













