ශ්‍රී ලංකාවේ ICRC සංවිධානයේ ඉදිරි ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) නියෝජිත ප්‍රධානි ඇන්ජලීක් ඇපෙරූ මහත්මිය අතර හමුවක් කොළඹදී සිදුව තිබේ.
ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ සිදුවූ යුද ගැටුම් හේතුවෙන් තවදුරටත් පවතින මානුෂීය ගැටලු, අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු අපේක්ෂාවෙන් සිටින පවුල්වල අවශ්‍යතා සහ අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ ධාරිතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කර ඇත. විසඳා නොමැති මානුෂීය ගැටලු සඳහා අපක්ෂපාති, මානුෂීය සහ සාක්ෂි මත පදනම් වූ ප්‍රවේශයක වැදගත්කම විපක්ෂ නායකවරයා මෙහිදී පෙන්වා දී තිබේ.














