ආරක්ෂිත බඳපටි (Seat belts) නොමැතිව අධිවේගී මාර්ගවල ගමන් කළ රියැදුරන් සහ මගීන් 3,000කට ආසන්න පිරිසකට ගෙවුණු දෙසතිය තුළ නීතිය ක්‍රියාත්මක කරමින් දඩ පත්‍රිකා නිකුත් කර ඇතැයි රථවාහන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සේනාධීර මහතා පවසයි.
මෙම පිරිසෙන් 50%ක් පමණ පොදු මගී ප්‍රවාහන වාහනවල බඳපටි පැලඳ නොමැතිව ගමන් කළ අය බවත්, ආසන පටි පැලඳ නොමැතිව ගමන් කිරීම සම්බන්ධයෙන් වන රුපියල් 1,000ක දඩය එම මොහොතේදීම මාර්ගගතව (Online) ගෙවීමේ පහසුකම් සලසා දී ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටී. අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවල සියලුම මගීන්ට ආසන පටි පැලඳීම පසුගිය සැප්තැම්බර් 19 වැනිදා සිට අනිවාර්ය කෙරිණි.














