එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකට එකතු වී ජනබලය ගොඩනැඟීම හරහා ඊළඟ ආණ්ඩුවේ බලය ලබා ගැනීමට හැකියාව තිබෙන බව සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසයි.
සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළ අතර, පක්ෂ දෙක එකම පක්ෂයක් වීම සිදු නොවුණද, ග්‍රාමීය මට්ටමින් පක්ෂ දෙකම එකට එකතු වී ආණ්ඩුවට විරුද්ධ ජනබලයක් ගොඩනඟන බව ඔහු කියා සිටියේය. පොදුජන පෙරමුණ සමගි ජන බලවේගයට කිසිදු අභියෝගයක් නොවන බවත්, වත්මන් රජය යටතේ දිළිඳුබව, උද්ධමනය සහ මන්දපෝෂණ තත්ත්වයන් ඉහළ ගොස් ඇති බවට ලෝක බැංකු වාර්තා උපුටා දක්වමින් ඔහු මෙහිදී දැඩි ලෙස චෝදනා කළේය.














