දැනුම ලබාදෙමින්, ජීවිතයට නිවැරදි මඟ පෙන්වමින් අනාගත පරපුර ගොඩනැගීමට කැපවන ගුරුවරුන්ට උපහාර පුද කිරීම සඳහා ගුරු දිනය අද (06) සැමරෙයි.
දරුවන්ගේ හැකියාවන් හඳුනාගනිමින් ඔවුන්ගේ අනාගතය හැඩගැස්වීමට ගුරුවරුන් ඉටුකරන මෙහෙවර සමාජයේ සුවිශේෂී වැදගත්කමක් ගනී.
පාසල් අධ්‍යාපනයෙන් ඔබ්බට ගොස් යහපත් මිනිසෙකු ලෙස ජීවිතය ජය ගැනීමට අවශ්‍ය වටිනාකම් සහ මඟපෙන්වීම ලබාදෙන ගුරුවරුන්ගේ සේවය වෙනුවෙන් අද දිනයේදී විවිධ උපහාර සහ වැඩසටහන් සංවිධානය කර තිබේ.
අපේ හීනවලට පාර කියාදුන්, අපේ ජීවිතවලට මඟ පෙන්වූ සියලුම ආදරණීය ගුරුවරුන්ට සුබ ගුරු දිනයක් වේවා!
















