ශ්‍රී ලංකාවේ මෙහෙයුම් කටයුතු සිදුකරන පෞද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම් වෙත, අත්සන් කර ඇති ගිවිසුම්වලට අනුව පවත්වාගත යුතු අවම ඉන්ධන තොග පවත්වාගෙන යන ලෙස බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ලිඛිතව දැනුම් දී තිබේ.
මේ බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අදාළ සමාගම් විසින් ගිවිසුම් ප්‍රකාරව අවම ඉන්ධන තොග පවත්වාගෙන යාමට කටයුතු කළ යුතු බවට අමාත්‍යාංශ ලේකම්වරයා විසින් සියලුම සමාගම් වෙත ලිඛිත උපදෙස් ලබාදී ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
















