වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (05) උදෑසන රාගම පොලිස් වසමේ පොඩිවීකුඹුර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේදී නීති විරෝධී මත්පැන් ලීටර් 375ක්, එනම් බෝතල් 500ක් සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන රාගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 39ක් වන රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
















