දුන්ගල්පිටිය පොලිස් වසමේ තලාහේන කලපුව ප්රදේශයේදී ඊයේ (05) සිදුකළ වැටලීමකදී බලපත්ර නොමැතිව මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන ලද බීඩි කොළ තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ.
ලද තොරතුරක් මත දුන්ගල්පිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ මෙම වැටලීමේදී බීඩි කොළ කිලෝග්රෑම් 128යි ග්රෑම් 500ක් සොයාගෙන ඇත.
අදාළ බීඩි කොළ තොගය බලපත්රයක් නොමැතිව බෝට්ටුවක් ආධාරයෙන් මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එන ලද බවට අනාවරණය වී තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පලාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා දුන්ගල්පිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















