ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, මෙරට ප්‍රථම සන්නාමගත ළමා ඉතුරුම් ගිණුම වන HNB සිඟිති හි 35 වැනි සංවත්සරය සනිටුහන් කරමින් “සුපිරි වීර ජම්බෝ” නමින් මෙරට බැංකුවක් නිෂ්පාදනය කළ ප්‍රථම සජීවීකරණ වීර චරිත කතා මාලාව එළිදක්වා තිබේ.
මෙම කතා මාලාවේ මංගල දර්ශනය සැප්තැම්බර් 29 වැනි දින කොළඹ 05, හැව්ලොක් සිටි මෝල් හි ස්කෝප් සිනමා ශාලාවේදී පැවැත්වුණු අතර, පළමු කතාංගය ඔක්තෝබර් 01 වන දින සිට HNB නිල යූටියුබ් නාලිකාව ඔස්සේ නැරඹිය හැකිය. කොටස් 10කින් සමන්විත මෙම කතා මාලාව සඳහා HNB බැංකු සාමාජිකයින්ගේ මූලික සංකල්ප, නිර්මාණකරණ දායකත්වය මෙන්ම, සුනෙත් චිත්‍රානන්ද, අතුල ජයසිංහ සහ ගාමින්ද ප්‍රියවිරාජ් යන මහත්වරුන් ප්‍රමුඛ ප්‍රවීණ ශිල්පීන් රැසක් හඬ දායකත්වයෙන් එකතු වී සිටිති. මිත්‍රත්වය, ඉවසීම, නොපසුබට උත්සාහය සහ මුදල් ඉතිරි කිරීමේ වැදගත්කම දරුවන්ට කියා දීම මෙහි මූලික අරමුණයි.















