2026 ලෝක සංචාරක දිනයේ තේමාව වන “Digital Agenda and Artificial Intelligence to redesign tourism” යන සංකල්පයට අනුව සංචාරක ක්ෂේත්රය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය භාවිත කිරීමේ නව අවස්ථාවක් ලෙස City of Dreams Sri Lanka හඳුන්වා දී තිබේ.
පරිසරය, ඓතිහාසික උරුමයන්, දේශීය සංස්කෘතිය සහ ආයුර්වේදය වැනි සාම්ප්‍රදායික සංචාරක සාධක සමඟ නවීන ඩිජිටල් තාක්ෂණය සහ කෘත්‍රිම බුද්ධිය ඒකාබද්ධ කරමින් කොළඹ නගරය නව සංචාරක ගමනාන්තයක් ලෙස ඉදිරියට ගෙන යාම මෙහි අරමුණ වී ඇත.
City of Dreams Sri Lanka හි උප සභාපති සහ දේපළ සාමාන්‍යාධිකාරී මයිකල් භාෂී මහතා සඳහන් කර ඇත්තේ සංචාරක කර්මාන්තය වේගයෙන් පරිණාමය වෙමින් පවතින බැවින් සංචාරක ගමනාන්තද ඒ සමඟ වෙනස් විය යුතු බවයි.
ඔහු පෙන්වා දෙන්නේ මෙම ඒකාබද්ධ නිකේතනය හරහා විවිධ සංචාරක අත්දැකීම්, පාරිභෝගික කණ්ඩායම්, ව්‍යාපාර සහ දක්ෂ වෘත්තිකයන් එකම ස්ථානයකට ගෙන ඒමට හැකි බවත්, සංචාරකයන්ගේ අවශ්‍යතා අනුව නව අත්දැකීම් නිර්මාණය කිරීමට අවස්ථාව සැලසෙන බවත්ය.
අතිනවීන තාක්ෂණය, ජාත්‍යන්තර මට්ටමේ මෙහෙයුම් පද්ධති සහ ලොව ප්‍රසිද්ධ භෝජන සංග්‍රහ හා හෝටල් සන්නාම සමඟ එක්ව City of Dreams Sri Lanka සංචාරකයන්ට නවීන අත්දැකීම් ලබාදීමට පියවර ගෙන තිබේ.
එමෙන්ම ව්‍යාපාරික රැස්වීම්, ජාත්‍යන්තර සමුළු, සංස්කෘතික ප්‍රසංග සහ විශාල උත්සව සඳහා අවශ්‍ය පහසුකම්ද මෙහි සපයා ඇති අතර, කොළඹ නගරයට පැමිණෙන දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා විවිධ අත්දැකීම් එකම ස්ථානයකදී ලබාගැනීමට අවස්ථාව සැලසෙන බව සඳහන් වේ.
The Shoppes at City of Dreams Sri Lanka හරහා දේශීය සුඛෝපභෝගී භාණ්ඩ, මැණික් හා ස්වර්ණාභරණ, ස්වභාවික නිෂ්පාදන සහ විශේෂිත දේශීය ආහාරපාන ඇතුළු නිෂ්පාදන මිලදී ගැනීමටද අවස්ථාව ලබාදී තිබේ.
මෙම ව්‍යාපෘතිය හරහා දේශීය වෘත්තිකයන් සහ ජාත්‍යන්තර සංචාරක සේවා විශේෂඥයන් අතර දැනුම හා කුසලතා හුවමාරු කරගැනීමටත්, ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රයේ වෘත්තීය කුසලතා වර්ධනය කිරීමටත් අවස්ථාව සැලසෙන බව City of Dreams Sri Lanka සඳහන් කරයි.
















