වාද්දුව පොලිස් වසමේ ගාල්ල – කොළඹ මාර්ගයේ වාද්දුව හන්දිය ප්රදේශයේදී ඊයේ (05) උදෑසන සිදුවූ රිය අනතුරකින් පදිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගාල්ල දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය හරහා ගමන් කළ පදිකයෙකුගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ පදිකයා පානදුර රෝහලට ඇතුළත් කර ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
මරණකරු වයස අවුරුදු 60ක් වූ වාද්දුව ප්රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය සඳහන් කරයි.
අනතුරට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, වාද්දුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.














