පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු නිකවැරටිය පොලිසිය විසින් ඊයේ (05) අත්අඩංගුවට ගෙන තිබේ.
ලද තොරතුරක් මත නිකවැරටිය පොලිස් වසමේ කන්දේපෙදර ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් කැණීම් උපකරණද සමඟ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21, 24 සහ 51 යන වයස්වල පසුවන නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.















