ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ සර්වජන බලය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා අතර හමුවක් ඊයේ (05) සිදුව තිබේ.
එම හමුව දිලිත් ජයවීර මහතාගේ කාර්යාලයේදී පැවැත්වී ඇති බව සඳහන් වේ.
එහිදී ආර්ථිකය, වර්තමාන දේශපාලන තත්ත්වයන්, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව මෙන්ම දෙරටේම අවශ්‍යතාවලට අදාළ කරුණු සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගෙන ඇති බව වාර්තා වේ.















