රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට ලබාදුන් ප්‍රතිකාර අවසන් කර ඇති බැවින් ඔහු කොළඹ ජාතික රෝහලෙන් පිටව යා හැකි බව විශේෂඥ වෛද්‍ය කමිටුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව, සුරේෂ් සලේ මහතා අද (06) පස්වරුවේ රෝහලෙන් පිටවීමෙන් අනතුරුව යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයට ගැනීමට පියවර ගන්නා බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.
අසනීප තත්ත්වයක් හේතුවෙන් සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි අතර, ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩලයක් විසින් අධිකරණයට වාර්තා ඉදිරිපත් කර තිබුණා.
සුරේෂ් සලේ මහතා අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගද මේ වනවිට සිදුවෙමින් පවතිනවා.
















