දිවයිනට බලපා ඇති අධික වර්ෂාවත් සමඟ ඌව පරණගම, ඇල්ලලන්ද ප්‍රදේශයේ නිවසක් මතට දැවැන්ත ගලක් කඩා වැටීම හේතුවෙන් එම නිවසට සහ එහි වූ දේපළවලට බරපතළ හානි සිදුව තිබේ. නිවසට අඩි සියයක් පමණ ඉහළින් පිහිටි වේල්ලක තිබී මෙම ගල නායගොස් නිවස මතට පතිත වී ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී නිවැසියන් වහා ක්‍රියාත්මක වී නිවසින් පිටතට දුවගොස් ජීවිත බේරා ගැනීමට සමත් වීම නිසා මහත් ව්‍යසනයක් తදාවලවා ගැනීමට හැකි වී ඇත.
මෙම හදිසි ආපදා තත්ත්වයත් සමඟ ප්‍රදේශයේ අනෙකුත් නිවැසියන්ද දැඩි අවදානම් සහගත වාතාවරණයකට මුහුණ දී සිටින බව වාර්තා වේ. ගල කඩා වැටුණු ස්ථානය ආසන්නයේම තවත් අවදානම් සහගත ලෙස පිහිටා ඇති ගල් කිහිපයක්ම පවතින බවත්, අඛණ්ඩව ඇදහැලෙන වර්ෂාවත් සමඟ ඒවාද ඉදිරියේදී නායයාමේ දැඩි අවදානමක් පවතින බවත් ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.
අධික වර්ෂා කාලවලදී කඳුකර ප්‍රදේශවල ජනතාව මුහුණපාන මෙම ජීවිත අවදානම මඟහරවා ගැනීම සඳහා ආපදා කළමනාකරණ ඒකක ඇතුළු අදාළ බලධාරීන් කඩිනමින් මැදිහත් වී අවදානම් සහිත ස්ථාන පරීක්ෂා කර පූර්වාරක්ෂක පියවර අනුගමනය කිරීමේ දැඩි අවශ්‍යතාවක් මේ හරහා යළිත් වරක් මතුව තිබේ.














