එක්සත් ජාතීන්ගේ සාමසාධක පොලිස් රාජකාරි සඳහා හයිටි රාජ්‍ය වෙත පිටව යාමට නියමිත පොලිස් විශේෂ කාර්ය බලකා නිලධරයන් ඇතුළු පොලිස් නිලධරයන් 185 දෙනෙකු වෙත උපදෙස් ලබාදී සුභාශිංසන පිරිනැමීම ඊයේ (06) කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේදී සිදු කෙරිණි.
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වුණු අතර, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් පොලිස්පතිතුමන්ව සම්මාන පෙළපාලියකින් පිළිගනු ලැබීය. පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් 174 දෙනෙකු සහ පොලිස් වෛද්‍ය කොට්ඨාසයේ වෛද්‍යවරුන් 2 දෙනෙකු ඇතුළු නිලධාරීන් 185 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම් මේ මස සහ නොවැම්බර් මාසයේදී හයිටි රාජ්‍ය වෙත පිටව යාමට නියමිතය.
















