පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් නව නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (07) රාත්‍රී 7:00 සිට හෙට (08) රාත්‍රී 7:00 දක්වා පැය 24ක කාලයක් සඳහා මෙම අනතුරු ඇඟවීම බලංගු වන අතර, ඒ අනුව බදුල්ල (පස්සර), සහ කෑගල්ල (මාවනැගම සහ රුවන්වැල්ල) යන ප්‍රදේශ සඳහා මට්ටම 2 යටතේ ‘අවධානයෙන් සිටින්න’ (ඇම්බර්) නිවේදනයන් නිකුත් කර ඇත. මීට අමතරව කළුතර, මහනුවර (උඩුදුම්බර), කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ සඳහා මට්ටම 1 යටතේ ‘විමසිලිමත් වන්න’ (කහ) නිවේදන නිකුත් කර ඇති අතර, අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාව සහ රියැදුරන් හදිසි නායයෑම් හෝ පස් කඳු කඩා වැටීම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් හා විමසිල්ලෙන් පසුවන ලෙස බලධාරීන් ඉල්ලා සිටියි.
















