‘පොඩි පැටී’ ලෙස හැඳින්වුණු සුගත් නුවන් කුමාර නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්රධාන සැකකරුවෙකු අද (07) පස්වරුවේ අහුංගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම ඝාතනය සිදුකළ වෙඩික්කරු සමඟ පැමිණ ඇති පුද්ගලයා අත්අඩංගුවට ගත් සැකකරු බව පොලිසිය සඳහන් කරන අතර, මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ‘කොස්ගොඩ සුජී’ නැමැත්තාගේ සමීපතමයෙකු බවයි. ඉකුත් ඔක්තෝබර් 01 වන දින රාත්රියේ වැලිකන්ද, අහුංගල්ල ප්රදේශයේදී නිවසට පැමිණෙමින් සිටියදී පාගමනින් පැමිණි අයෙකු විසින් එල්ල කරන ලද වෙඩි ප්රහාරයකින් ලොකු පැටීගේ සහෝදරයා වන පොඩි පැටී ජීවිතක්ෂයට පත් විය. අහුංගල්ල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන ක්රියාත්මක කරයි.
















