කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා ලෙස කටයුතු කරමින් සිටියදී සේවය අත්හිටුවනු ලැබූ කෝසල සේනාධීර මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි යළි සේවයේ පිහිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.
නිල නිවසට අනවසරයෙන් විදුලිය සහ ජලය ලබා ගැනීම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා මත 2024 වසරේ ජූලි 10 වැනි දින සිට මොහුගේ සේවය අත්හිටුවා තිබූ අතර, මාස 27ක් තිස්සේ සාක්ෂිකරුවන් 20කට අධික පිරිසකගෙන් සිදු කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව අගවිනිසුරුවරයා ප්‍රමුඛ අධිකරණ සේවා කොමිෂන් සභාව මෙම තීරණය ගෙන ඇත. ඒ අනුව, විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම මහේස්ත්‍රාත්වරයෙකු වන කෝසල සේනාධීර මහතා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර, හිඟ වැටුප් සියල්ල සමඟ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අනුයුක්තව යළි සේවයේ පිහිටුවා තිබේ.
















