රජයේ ප්‍රමුඛ අරමුණක් වන දිළිඳුකම තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන “ප්‍රජා ශක්ති” ජාතික වැඩසටහන යටතේ කෑගල්ල දිස්ත්‍රික්කය තුළ රුපියල් මිලියන 1,035ක ප්‍රතිපාදන යටතේ සංවර්ධන ව්‍යාපෘති 797ක් ක්‍රියාත්මක කර තිබේ.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලීම සහ නිරීක්ෂණය කිරීම පසුගියදා සිදු කෙරුණු අතර, මෙම ව්‍යාපෘති මඟින් සෘජු හා වක්‍ර ප්‍රතිලාභීන් 70,000කට පමණ ප්‍රතිලාභ සැලසෙනු ඇත. ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීමකින් තොරව රටක් සංවර්ධනය කළ නොහැකි බවත්, ප්‍රජාව සැබෑ ලෙසම සංවර්ධන ක්‍රියාවලියේ හවුල්කරුවන් බවට පත් කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගරිකා අතාවුද යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
















