සංස්කෘතික මධ්‍යස්ථානයක රැකියාවක් ලබාදෙන බව පවසා තරුණියකගෙන් රුපියල් 3,000ක අල්ලසක් ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ සහකාර සංස්කෘතික නිලධාරියෙකුට කොළඹ මහාධිකරණය වසර තුනක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබේ. ඊට අමතරව රුපියල් 23,000ක දඩයක්ද නියම කර ඇති බව වාර්තා වේ.
මොනරාගල හුලන්දාව ප්‍රදේශයේ පදිංචි හෙන්නායක මුදියන්සේලාගේ ජානක චමින්ද නමැති විත්තිකරුට මෙම දඬුවම නියම කර තිබේ. 2020 මාර්තු 4 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී මොනරාගලදී ඉෂාරා හංසමාලි ජයසූරිය නමැති තරුණියගෙන් අල්ලස ඉල්ලා ලබාගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව නඩු පවරා තිබූ බව සඳහන් වේ.
නඩුව විභාග කළ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා, පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි මත චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කර ඇති බවට තීරණය කරමින් දඬුවම නියම කර තිබේ.
















