ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාරගත කිරීමෙන් පසු චීවරය වෙනුවට බන්ධනාගාර ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට විරෝධය පළ කරමින් හිටපු උඩුදුම්බර ප්රධාන අධිකරණ සංඝනායක පෝප්පිටියේ සුමංගල හිමියන් උඩුදුම්බර නගරයේ බුදු පිළිමයක් ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබේ.
උන්වහන්සේ මෙම උපවාසය ආරම්භ කර ඇත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කරමිනි. මේ අතර මහානායක හිමිවරුන් ඇතුළු සංඝ සභා නියෝජිතයන් ද ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම සහ ඔහුගේ පැවිදිභාවය සම්බන්ධ කරුණු පිළිබඳව බන්ධනාගාර බලධාරීන්ගෙන් කරුණු විමසා තිබේ.
කෙසේ වෙතත්, බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ වසර තුනකට වැඩි සිරදඬුවම් ලබන පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමේදී බන්ධනාගාරයෙන් නිකුත් කරන ඇඳුම් භාවිත කළ යුතු බවයි. චීවරය ඉවත් කර බන්ධනාගාර ඇඳුම් ඇන්දවීම සහ පැවිදිභාවය නිල වශයෙන් අවසන් කිරීම යන කරුණු දෙක එකිනෙකින් වෙනස් බවද සැලකිල්ලට ගත යුතුය.
















