ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා නියෝජනය කරන මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම සාකච්ඡාව පැවැත්වෙන්නේ අධිකරණ තීන්දුවක් අනුව බන්ධනාගාරගත කර ඇති ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි වස්ත්‍ර සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් බව වාර්තා වේ.
ඒ අනුව සාකච්ඡාව අද පස්වරු 1ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ. මහානායක හිමිවරුන් ඥානසාර හිමියන්ගේ චීවරය වෙනුවට ගිහි වස්ත්‍ර භාවිත කිරීම සම්බන්ධයෙන් මීට පෙරද සිය කනස්සල්ල පළ කර තිබිණි.
















