බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (07) රාත්‍රියේ වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, සැකකාරිය සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 1ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කරන රුපියල් 465,000ක මුදලක්, විද්‍යුත් තරාදි දෙකක් සහ ජංගම දුරකථන දෙකක් පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය 49 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් බව සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















