2026 ඔක්තෝබර් 7 වැනිදා රාත්‍රියේ වැලිකඩ පොලිස් වසමේ රාජගිරිය ප්‍රදේශයේදී බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී හෙරොයින් කිලෝග්‍රෑම් 01ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.
වැටලීමේදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැක කෙරෙන රුපියල් 465,000ක මුදලක්, විද්‍යුත් තරාදි 02ක් සහ ජංගම දුරකථන 02ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකාරිය 49 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියකි.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.
















